FAST NEWS

24×7 Around the Globe

පැයට කිලෝමීටර් 620ක වේගයෙන් යා හැකි දුම්රියක් චීනයෙන්

(ෆාස්ට් නිව්ස් | චීනය) – පැයට කිලෝමීටර් 620 ක වේගයෙන් යාහැකි දුම්රියක් චීනය විසින් එළිදක්වා තිබේ.  

එම නව වේගවත් දුම්රිය “මැග්ලෙව්” ලෙස නම්කර ඇති අතර , එම දුම්රිය ධාවනය කරනු ලබන්නේ චුම්බක රෝපිත රේල් පීලි මතය.

මීටර් 21ක් දිගැති මුල් ආකෘති ය හා සමාන එම දුම්රිය පසුගියදා චීනයේ සිචුආන් පළාතේ චෙන්ගු නගරයේදී මාධ්‍ය වෙනුවෙන් එළිදැක්විණි.

එම පළමු ගමන සඳහා යොදාගැනීමට මීටර් 165ක් පමණ දිගු දුම්රිය මාර්ගයක් පර්යේෂකයින් විසින් නිමවා තිබුණි.

එමගින් එම දුම්රිය ගැන යම් අදහසක් ගැනීමටත් හුවමාරු ස්ථානවලදී කුමන ආකාරයක් වේද යන්න ගැන තේරුම් ගැනීමට ද එමගින් අවස්ථාවක් ලැබුණු බව සඳහන් වෙයි.