FAST NEWS

24×7 Around the Globe

Made in Sri Lanka පළමු ගෑස් උදුන ළඟදීම දේශීය වෙළඳපොළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත පළමු ගෑස් උදුන කඩිනමින් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම සූදානම්ව සිටියි.   

ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි සහ එහි නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න යන මහත්වරුන් සිය නව නිෂ්පාදන සාම්පල රැගෙන කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා පවසා සිටියේ මෙම නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කර, කඩිනමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ය.