FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් මරණවල අඩුවීමක්

(ෆාස්ට් නිව්ස් | අමෙරිකාව) – කොවිඩ් මරණ සිදුවන වැඩිම රට වන අමෙරිකාවෙන් වාර්තාවන දෛනික කොවිඩ් මරණවල අඩුවීමක් පෙන්නුම් කරන බව විදෙස් වාර්තා පවසයි.  

පසුගිය සතියක පමණ කාලය තුළ අමෙරිකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවා ගොස් ඇත.

කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1304ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව, අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 408,502 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ලොව පුරා වාරතා වී ඇති මරණ සංඛ්‍යාව 2,048,256 දක්වා ඉහළ ගොස් තිබේ.