FAST NEWS

24×7 Around the Globe

වසංගතය මධ්‍යයේත් චීන ආර්ථිකය වේගයෙන් ඉහළට

(ෆාස්ට් නිව්ස් | චීනය) – කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ වුවද පසුගිය වසරේදී චීන ආර්ථිකය අපේක්ෂා කල මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වීමක් සිදුව ඇත.    

2019 වසර හා සැසඳීමේදී එය 2.3 % කින් වැඩිවී ඇති බව නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙයි.

කෙසේවෙතත් 1976 වසරෙන් පසු චීනයේ වාර්ෂික අවම ආර්ථික වර්ධන වේගයද මෙයයි.

කොරෝනා තත්ත්වය හමුවේ පසුගිය වසරේදී චීන ආර්ථිකය 1.9 % කින් පමණක් වර්ධනය වනු ඇති බවට ද මත පළ විය.