FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකුටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කුමාරසිරි හෙට්ටිගේ ද, කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි.  

ඒ මහතා ජනවාරි මස 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීපව ඇසුරු කළ ඇති බවත් එම වාර්තාවල සඳහන්.

එම සමීපතමයින් සහ අදාළ අංශ ප්‍රධානීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන ඇති බව ද පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

අදාළ ප්‍රදේශ විෂබීජානුහරණය සඳහා දැනටමත් පියවර ගෙන තිබේ.