FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වැසේ

(ෆාස්ට් නිව්ස් | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ කොවිඩ් ආසාදිතයෙක් හමුවීමත් සමග එම නගරය දින 03 කට වසාදැමීමට බලධාරීන් තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදාගන්න හෝටලයක පිරිසිඳු කටයුතු සිදුකළ සේවකයෙක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එම සේවකයාට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් ප්‍රහේදය ආසාදනය වී ඇති බවය.

ඉදිරියේ දී තවත් ආසාදිතයින් හමුවනු ඇතැයි ද බලධාරීන් අපේක්ෂා කරයි.