යුද්ධය තිබූ කිසිදු කාලයක ආරක්ෂක මණ්ඩලය මහින්ද රාජපක්ෂ කී ආකාරයෙන් ජනාධිපති මන්දිරයේ භූගත බංකරයක රැස්වී නැතැයි ද තමන් යුද හමුදාපතිවරයා ලෙස ඔය කියන භූගත බංකරය දැකලාවත් නැතැයිද, එය හැදුවේ තමාට හොරෙන් යයිද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
වසර 9 ක් පුරා රට යටත් කරගෙන සිටි මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති මන්දිරය තුල ඉදිකරන ලද සිව් මහල් සුපිරි භූගත මාලිගාව එල්ටීටීඊය ගුවන් ප්‍රහාර එල්ල කරද්දී ආරක්ෂක මණ්ඩලය රැස්වීම සඳහා භාවිතා කළ භූගත බංකරයක් මිස මාලිගාවක් නොවේ යයි මහින්ද රාජපක්ෂ පසුගියදා අභයාරාමයේදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් එකළ හමුදාපති වරයා ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ගෙන කරන ලද විමසුමකට පිලිතුරු දෙමින් ඒ මහතා ඉහත ප්‍රකාශය කෙළේය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් වරයා කියා සිටියේ යම් ප්‍රහාරයකින් බේරීමට බංකරයක් හැදීමට අවශ්‍ය නම් යුද හමුදාවට එය බාර දෙන ලෙස තමන් ඉල්ලූ නමුත් එය ප්‍රතික්ෂේප කළ මහින්ද රාජපක්ෂ විසින් එය නාවික හමුදාපතිවරයා සමග එකතු වී තමාට හොරෙන් ගොඩ නැගූ බවයි. තමන් ඒ පැත්තට යනවාටවත් මහින්ද රාජපක්ෂ කැමැති වූයේ නැතැයිද ෆොන්සේකා මහතා පැවසීය.
එල්ටීටීඊ ප්‍රහාර වලින් බේරීමට මේ තරම් සුපිරි මාලිගාවක් අවශ්‍ය කුමකටදැයි විමසූ සරත් ෆොන්සේකා මහතා කොන්ක්‍රීට් එකක යටට ගියා නම් ඇතැයි කීවේය. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මෙවැන්නක් ගොඩ නගා ඇත්තේ ගඩාෆි වැනි ඒකාධිපතියන් සේ ජනතා විරෝධයක් ඇති වුවහොත් හැංගෙන්නට යයිද, මහින්ද රාජපක්ෂ ගේ නංගීගේ දෙණියායේ අක්කර 400 ක වත්තක තවත් මෙවැනිම සැප භූගත මාලිගාවක් ඇතැයිද කී සරත් ෆොන්සේකා මහතා රාජපක්ෂගේ නංගීට අක්කර 400 ක් මිලදී ගන්නට සල්ලි කොහෙන්දැයි ප්‍රශ්න කෙළේය.
වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ ජනාධිපති මන්දිරයේ ඇති භූගත මාලිගාව හැදීමට ගිය වියදම කොපමණක්ද යන්න යැයි විමසූ සරත් ෆොන්සේකා මහතා හෙලි කරන්නේ පැලවත්තේ යුද හමුදා මූලස්ථානය හැදීමට ගිය වියදමත් ජනාධිපති මන්දිරයේ භූගත මාලිගාව හැදීමට ගිය වියදමත් සමාන ලෙස පෙන්වා ඇති බවයි. දෙකෙහිම වියදම ඩොලර් මිලියන 33 ලෙස සඳහන්ව ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් වරයා පවසයි..
ෆොන්සේකා මහතා සඳහන් කරන දෙනියායේ භූගත මාලිගාවේ තතු පිලිබඳ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙසේය.
ජනාධිපති මන්දිරයේ භූගත මාලිගයට සමාන භූගත මාලිගයක් දෙණියාය නාතගල වත්තේ ද ඉදිකර ඇත. එහි ඉදිකිරීමේ කටයුතු ඇරඹියේ 2009 ජනවාරි 12 වැනිදිනය. හම්බන්තොට වරාය ඉදිරිකිරීම සඳහා යොදාගත් ඉදිකිරීම් ද්‍රව්‍ය (ගල්, වැලි, සිමෙන්ති) දෙණියාය නාතගල වත්තට ප‍්‍රවාහනය කෙරුණේ මග නැගුම ව්‍යාපෘතියට අයත් ටිපර් රථවලිනි. නාතගල වත්ත මහින්ද රාජපක්ෂගේ නැගනියකගේ නමින් මිලදී ගත් එකකි. භූමි ප‍්‍රමාණය අක්කර 400කි. කොන්ක‍්‍රීට් කරන ලද මාර්ගයක් තිබියදී අලුතින් නව මාර්ගයක් ඉදි කළ අතර එම මාර්ගය දෙණියාය නතගල වත්තේ ‘මාලිගාවට’ ප‍්‍රවේශ වීම සඳහාම ඉදි කළ එකකි. 2009 ඔක්තේබර් මස 02 වන දින මාධ්‍යවේදීන් තිදෙනෙකු මෙහි ඉදිරිකිරීම් නිරීක්ෂණය සඳහා එහි ගිය අතර එහිදී ත‍්‍රස්තවාදී චෝදනා ඉදිරිපත් කර ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගත්හ. ඒ මොහොත වන විටත් භූගත තට්ටු දෙකක ඉදිරිකීම් අවසන් වෙමින් තිබිණි. මහල් 4කින් යුත් මෙම බංකරයේ අති නවීන දුරකතන හා සන්නිවේදන පහසුකම් සවිකර තිබිණි. භූගත තට්ටුවේ යටම කොටසේ සුපිරි මුල්තැන් ගෙයක් ද උමගක් ද සකස්කරමින් තිබී පැවතිනි. සියලු පහසුකම් සහිත මන්දිරයට අමතරව හෙළිකොප්ටර් ගොඩබෑම සඳහා අංගනයක් ඉදිකරමින් පැවැති අතර මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් 2009 වසරේ පුවත්පත්වල පලවීමත් සමඟ හෙළිකොප්ටර් අංගනය හැර සෙසු ඉදිකිරීම් සියල්ලම නිරුපද්‍රිතව අවසන් කළේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහත දැක්වේ
[youtube url=”https://www.youtube.com/watch?v=rcf8JGkkhzM” width=”560″ height=”315″]
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.