FAST NEWS

24×7 Around the Globe

රුපියල ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුව පවසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.   

පසුගිය සතියේදී ඩොලරයේ විකුණුම් අගය රුපියල් 194 සීමාව ද ඉක්මවා ගොස් තිබුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189 යි ශත 80 ක් ලෙස දැක්වුණු අතර ගැණුම් මිළ සටහන්වූයේ රුපියල් 184 යි ශත 98 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 2.6 % කින් අවප්‍රමාණය වී ඇත.