හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති මන්දිරයේ ඉදිකරන ලද සුපිරි පහසුකම් සහිත භූගත මන්දිරය සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ එය ත්රස්තවාදීන්ගේ තර්ජනවලින් බේරීම සඳහා ඉදි කළ භූගත බංකරයක් බවයි. තවද එවැනි භූගත බංකර අරලියගහ මන්දිරය තුළත් ඇති බව අභයාරාමයේ දී ඔහු ප්‍රකාශ කර තිබිණි. මහින්ද රාජපක්ෂ පවසන ආකාරයේ තවත් භූගත බංකරයක් දෙණියාය නාතගල වත්තේ ද ඉදිකර ඇත. එහි ඉදිකිරීමේ කටයුතු ඇරඹියේ 2009 ජනවාරි 12 වැනිදිනය. එය ඉදිකිරීම සඳහා අවශ්‍ය හම්බන්තොට වරාය ඉදිරිකිරීම සඳහා යොදාගත් ඉදිකිරීම් ද්‍රව්‍ය (ගල්, වැලි, සිමෙන්ති) දෙණියාය නාතගල වත්තට ප්‍රවාහනය කෙරුණේ මග නැගුම ව්‍යාපෘතියට අයත් ටිපර් රථවලිනි.
නාතගල වත්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැගනිය වන විචිත්‍රා ශිලාධරී රාජපක්ෂ නමින් මිලදී ගෙන ඇති අතර භූමි ප්‍රමාණය අක්කර 400කි. ඒ සඳහා පිවිසීමට පැවති කොන්ක්‍රීට් කරන ලද මාර්ගයක් තිබියදී අලූතින් නව මාර්ගයක් ඉදි කළ අතර එම මාර්ගය දෙණියාය නතගල වත්තේ ‘මාලිගාවට’ ප්‍රවේශ වීම සඳහාම ඉදි කළ එකකි.
2009 ඔක්තේබර් මස 02 වන දින මාධ්‍යවේදීන් තිදෙනෙකු මෙහි ඉදිරිකිරීම් නිරීක්ෂණය සඳහා එහි ගිය අතර එහිදී ත්‍රස්තවාදී චෝදනා ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. ඒ මොහොත වන විටත් භූගත තට්ටු දෙකක ඉදිරිකීම් අවසන් වෙමින් තිබිණි. මහල් 4කින් යුත් මෙම බංකරයේ අති නවීන දුරකතන හා සන්නිවේදන පහසුකම් සවිකර තිබුණ අතර භූගත තට්ටුවේ යටම කොටසේ සුපිරි මුල්තැන් ගෙයක් ද උමගක් ද සකස්කරමින් පැවතිනි.
මේ සඳහා රුපියල් මිලියන 180ක් ඒ වනවිටත් වියදම් කර තිබූ බව එහි සේවය කළ පිලියන්දල ප්‍රදේශයේ පෙදරේරුවන් සඳහන් කළේය.
සියලූ පහසුකම් සහිතව මන්දිරයට අමතරව හෙළිකොප්ටර් ගොඩබෑම සඳහා අංගනයක් ඉදිකරමින් පැවැති අතර මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් 2009 වසරේ පුවත්පත්වල ඵලවීමත් සමඟ හෙළිකොප්ටර් අංගනය හැර සෙසු ඉදිකිරීම් සියල්ලම නිරුපද්‍රතව අවසන් කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.