FAST NEWS

24×7 Around the Globe

2015 රග්බි පෙරළිකාරයාට නම් 03 ක් නිර්දේශ වෙති.

2015 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘‘පෙරළිකාර කී‍්‍රඩකයා’’ සම්මානය වෙනුවෙන් නම් 3 ක් නිර්දේශ වී ඇත.

ඔවුන්ගෙන් දෙදෙනෙකුම අවසන් පූර්ව වටයට හෝ පිවිසිමට නොහැකි වූ කණ්ඩායම් නියෝජනය කරන්නන් වීම විශේෂත්වයක් වෙයි.

22 වන වියේ පසුවන ස්කොට්ලන්ත කී‍්‍රඩක මාර්ක් බෙනට් සහ 19 වන වියේ පසුවන ජෝර්ජියා කී‍්‍රඩක වසීල් ලොබ්හැන්ඩියස් එම කී‍්‍රඩකයන් වේ.ෙ

නවසීලන්ත කණ්ඩායමේ පසුපෙළ කී‍්‍රඩක 24  හැවිරිදි නෙහේ මිල්නය් ‘‘පෙරළිකාර කී‍්‍රඩකයා’’ සම්මානය වෙනුවෙන් නිර්දේශ වී තිබෙන අනෙක් කී‍්‍රඩකයා වේ.

මෙම තරගාවලියේ ලෝකඩ පදක්කම සදහා වූ තරගය දකුණු අපි‍්‍රකාව සහ ආර්ජන්ටිනාව අතර හෙට පැවැත්වීමට නියමිතය.

අවසන් මහා තරගය නවසීලන්තය හා ඕස්ටේ‍්‍රලියාව අතර අනිද්දා පැවැත්වේ.