FAST NEWS

24×7 Around the Globe

ගයේෂාගේ උපන්දිනයදා අපුරු වැඩක්. දුමින්දත් පැමිණෙයි.(ඡායාරූප)

රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා මහත්මියගේ ජන්ම දිනය වෙනුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසින් පැවත්වූ විශේෂ ධර්ම දේශනා වැඩසටහනක් ඔක්තෝම්බර් 24වන දා සවස දෙහිවල කවුඩාන පාර ශ්‍රී මංගලාරාම විහාරයේදී පැවැත්විණි.

මෙම ධර්ම දේශනය සදහා ශ්‍රී.ල.නි.ප මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය ගරු දුමින්ද දිසානායක මැතිතුමා සහභාගී වීම කා අතරත් කතා බහට ලක් විය.මිට අමතරව ප්‍රාදේශීය දේශපාලකයන්, කළාකරුවන් ඇතුළු ඇගේ හිතමිතුරන් විශාල පිරිසක්ද, දෙහිවල ජනතාව ද සහභාගී වූ අතර පිංකම සංවිධාන කටයුතු සිදු කරන ලද්දේ විහාරාධිකාරී මඩුගස්තලාවේ සද්ධානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසන පරිදි ගයේෂා පෙරේරා පදනම සහ කවුඩාන පල්ලිදොර එක්සත් ක්‍රීඩා සමාජය විසිනි.