(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම අවසානාවන්ත පුවත වාර්තා වන්නේ හෝමාගම, මාකුඹුර ප්රදේශයෙනි.
මාකුඹුර ප්රදේශයේ තාවකාලික නැවතුම්පළක් තුළදී තරුණයෙකු ඝාතනයට ලක්ව තිබුණි.
ඒ පිළිබඳව සොයා බැලීමේදී හෙළිව ඇත්තේ විවාහක කාන්තාවක් සහ අවිවාහක තරුණයකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් 41 හැවිරිදි විවාහක කාන්තාව විසින් 26 හැවිරිදි තරුණයාගේ ගෙල ජංගම දුරකථන චාජර වයරයකින් සිරකර 24 වනදා ඝාතනය කර ඇති බවයි.
හෝමාගම මූලස්ථාන පොලිසිය සඳහන් කළේ පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක ලෙස කටයුතු කර ඇති කාන්තාව කැකිරාව ප්රදේශයේ පදිංචිකාරියක වන අතර සැකකාරිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙයියන්දර, පරණමුල්ල පදිංචිව සිටි තරුණයෙකි.
මෙම ඝාතනයට ලක්වූ තරුණයා, විවාහක සැකකාර කාන්තාව සමග වසර පහක කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාරිය මාකුඹුර ප්රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාලයේ කාමරයක නවාතැන්ගෙන සිට තිබේ.
මේ අතරේ තරුණයා එම විවාහක කාන්තාවගේ නිරුවත් ඡුායාරූප කීපයක් ලබා ගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින් බස්වීම් සිදුව තිබුණි.
සිද්ධිය වී ඇති පෙරේදා දිනයේද මෙම තරුණයා සැකකාර කාන්තාවගේ නිරුවත් ඡුායාරූප කීපයක් මිතුරකුට ජංගම දුරකථනයෙන් යැවීමට උත්සාහ කිරීමේදී සැකකාරිය ජංගම දුරකථනයේ චාජර් වයරයක් තරුණයාගේ ගෙළට ඔතා අතින් පැය භාගයක් තිස්සේ සිර කරගෙන සිට ඇතැයි හෙළිවූ බව පොලිසිය සඳහන් කරයි.
පසුව සැකකාරිය පොලිසියට පැමිණ අදාළ අපරාධය තමා සිදුකළ බව පැවසීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.









