FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ ආසාධිතයෙකු සිංගප්පූරුවෙන්

(ෆාස්ට් නිව්ස් | සිංගප්පුරුව) – බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාධිතයෙකු සිංගප්පූරුවෙන්ද හමු වෙයි.

විදෙස් වාර්තා පැවසුවේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය හැදැරූ 17 හැවිරිදි සිසුවියක මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

ඇය නොවැම්බර් 17 ත් දෙසැම්බර් 17 ත් අතර කාලයේදී සිංගප්පූරුවට පැමිණ තිබේ.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් රටවල් රැසක් මහා බි්‍රතාන්‍යය සමග වන ගුවන් ගමන් අත්හිටුවා ඇති නමුත් සිංගප්පූරුව මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැත.