FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලයේ ජනතාවට කොරෝනා අමතක වෙයි

(ෆාස්ට් නිව්ස් | බ්‍රසීලය) – ගිම්හානය ඇරඹීමත් සමගම බ්‍රසීලයේ ජනතාවට කොරෝනා පිළිබඳ අමතක වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට අගනගරය වන රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරය ජනතාවගෙන් පිරීගොස් ඇති බව වාර්තා වේ.

එසේ රැස්වී සිටි බොහෝ දෙනා මුව ආවරණ නොපැළඳ සිටි බවත් විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ ද කොවිඩ් බලපෑම සැමවිටම නොසලකන අතර එසේම ඔහු කොවිඩ් එන්නත ලබාගැනීම ද ප්‍රතික්ෂේප කළේය.

ලොව කොරෝනා වෛරසය තෙවැනිය ට වැඩිපුරම හමුවන රට බ්‍රසීලය වේ.

මේ වනවිට එරටින් කොරෝනා ආසාදිතයින් මිලියන 7.24ක් හමුවී ඇති අතර පුද්ගලයින් 187,000ක් මියගොස් ඇත.