FAST NEWS

24×7 Around the Globe

බදුල්ලේ කොරෝනා අවධානම ඉහළට

(ෆාස්ට් නිව්ස් | බදුල්ල) – බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 89ක් බවට පත්ව තිබේ.

එසේම එහි පුද්ගලයන් 1,679 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

හපුතලේ සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ කරන ලද PCR පරීක්ෂණ වලින් නව ආසාදිතයන් දෙදෙනෙක් හඳුනාගැනීමත් සමඟ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන මෙලෙස 89ක් දක්වා ඉහල ගොස් ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශය ලේකම් කොට්ඨාශ 15න් 14කින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති අතර මින් පෙර ආසාදිතයන් හඳුනා නොගත් සොරණාතොට සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙන් ද ආසාදිතයන් හඳුනාගෙන ඇත.

කෙසේ නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රදේශයෙන් පමණක් මෙතෙක් ආසාදිතයන් හමුවී නොමැත.