FAST NEWS

24×7 Around the Globe

රටවල් රැසක් බ්‍රිතාන්‍ය සමග ගුවන් ගමන් අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍යය) – කොරෝනා වෛරසයේ හඳුනානොගත් නව ප්‍රභේදයක් මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තාවීමත් සමග යුරෝපා රටවල් රැසක් බ්‍රිතාන්‍යය සමග ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇත.   

අයර්ලන්තය , ජර්මනිය , ප්‍රංශය , ඉතාලිය, නෙදර්ලන්තය , ඔස්ට්‍රියාව , තුර්කිය සහ බෙල්ජියම ඒ අතර වෙයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගමය අද දිනයේදී විශේෂ සාකච්ඡාවක්ද කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නව වෛරස් ප්‍රභේදය ලන්ඩන් නුවර මෙන්ම ගිණිකොන දිග එංගලන්තයේ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවට හඳුනාගෙන තිබේ.

එය මුල් වෛරසයට වඩා සීඝ්‍රයෙන් පැතිර යන නමුත් ඊට සාපේක්ෂව මාරාන්තික භාවයෙන් අඩු බවට අනාවරණ වී ඇත.

කෙසේවෙතත් දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙලට නව වෛරස් ප්‍රභේදය හමුවේ බාධාවක් එල්ල නොවනු ඇති බවට විද්‍යාඥයන් අනාවැකි පළකර තිබේ.