FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික රෝහලක් තාවකාලිකව වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කෑගල්ල) – කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා එහි සිටි සේවකයින් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙයි.   

කෑගල්ල – බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අදාළ තීරණය ගෙන ඇත.

එම පුද්ගලයා පෙරේදා දිනයේදී මෙම පෞද්ගලික රෝහලට පැමිණ ඇති බව කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක සඳහන් කළේය.

මීට මතරව , ඊයේ හඳුනා ගැණුනු ආසාදිතයන් 538 දෙනා අතරින් 254 දෙනෙකු වාර්තාවී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙන් බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ දක්වා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් ස්ථානයකින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.