FAST NEWS

24×7 Around the Globe

පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් දඹුල්ලේ

(ෆාස්ට් නිව්ස් | දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා සංකීර්ණයේ තිබූ ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයාගෙන තිබේ.

ඒ, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදිය.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පරිභෝජනය නුසුදුසු ළුෑණු හොඳ තත්ත්වයේ පවතින ළුෑණු සමග මිශ්‍ර කර අලෙවි කර ඇති බවයි.