(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වෛරස ආසාදිතයන් පරීක්ෂා කිරීමේ දී භාවිතයට ගන්නා සෞඛ්‍ය ආරක්ෂණ ඇදුම් කට්ටල (PPE Kits) කිහිපයක් ගිරිතලේ ඇළ මාර්ගයකට දමා තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
ප්‍රදේශවාසින් සඳහන් කරන්නේ ගිරිතලේ දියබෙදුම ප්‍රධාන මාර්ගයේ ඉදිපිටිය කබරබෝක්කුව අසල ඇළ මාර්ගයකට එම ඇදුම් කට්ටල විසිකර තිබූ බවයි.
මෙහිදී එම ප්‍රදේශය අවට විසිකර දමා තිබූ ඇඳුම් කට්ටල 04 ක් සොයාගෙන ඇත.
එම ඇළ මාර්ගය ඔස්සේ ගිරිතලේ වැවට ජලය සැපයෙන අතර ගිරිතලේ වැවෙන් සිය පානීය ජල අවශ්‍යතාවයන්ද සපුරා ගන්නා බව ප්‍රදේශවාසීන් පවසයි.
ප්‍රදේශවාසීන් විසින් මෙම සිද්ධිය පිළිබඳව දැනුම්දීමෙන් පසු පොලීසිය පැමිණ අදාළ ඇඳුම් කට්ටල ගිනිතබා විනාශ කිරීමට පියවර ගෙන තිබුණි.









