(ෆාස්ට් නිව්ස් | පාකිස්ථානය) – කොරෝනා ආසාදිත රෝගීන් හයදෙනෙකු ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් මියගොස් තිබේ.
ඒ පාකිස්ථානයේ උතුරු පේෂාවර් නගරයේ රෝහලකදීය.
ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන්ද අඩු ඔක්සිජන් සැපයුමක් යටතේ තබා ගැනීමට සිදුව ඇති බවට වාර්තාවේ.
එමෙන්ම මෙලෙස ඔක්සිජන් හිඟවීම හේතුවෙන් දරු ප්‍රසූතිය සඳහා පැමිණි 200 දෙනෙකුට පමණ පැය ගණනක් බලා සිටීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නිසි වේලාවට ඔක්සිජන් සිලින්ඩර් රෝහලට ලබා නොගැනීම සම්බන්ධයෙන් රෝහලේ සේවකයන් කිහිපදෙනෙකු ද වැඩ තහනමට ලක් කර ඇති බව සඳහන්වේ.









