FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආරම්භය හෙළිවෙයි

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කොරෝනා පොකුර නිර්මාණය වී ඇත්තේ යුක්රේනයේ සිට පැමිණි ගුවන් සේවා කාර්යමණ්ඩල සාමාජිකයෙකුගෙන් වෛරසය සම්ප්‍රේශණය වීම නිසා යැයි අනුමාන කරන බව කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.   

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ට වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබදව මාන කිහිපයක් ඔස්සේ අධ්‍යයනය කර ඇති අතර ඒ අනුව මෙම නිගමනයට පැමිණි ඇති බව ද ඇය පැවසීය.

මේ අතර, ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයන් 649 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණු අතර ඉන් 451 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වනවා.