(ෆාස්ට් නිව්ස් | මහනුවර) – මහනුවර උඩවත්ත කැලේ වාසය කළ වඳුරන් රැසක් හදිසියේම මිය ගොස් තිබේ.
මේ සමග මහනුවර නගරයේ යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම තත්ත්වය වාර්තා වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් විසින් එම මියගිය වඳුරන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම වඳුරන් කොරෝනා රෝගය හේතුකොටගෙන මියගොස් නොමැති අතර විස වීමක් හේතුවෙන් මෙම වඳුරන් මියගොස් ඇති බවයි.









