FAST NEWS

24×7 Around the Globe

සඟරාවේ නිරුවත් ජායාරූපයකට පෙනී සිටින්න කැමතිද…?ජනපි‍්‍රය නිළි විද්‍ය බාලන් පිළිතුරු දෙයි.

ජනපි‍්‍රය නිළි විද්‍යා බාලන්ට ඉන්දියානු රූපවාහිනි වැඩසටහනකදී ඉදිරිපත් කෙරුණු ප‍්‍රශ්න පහක්…

• ඔබ ශරීරය ගැන සැලකිල්ලක්‌ දක්‌වන්නෙ නෑ නේද…?

නැත්තෙමත් නැහැ. මම ශරීරය ගැන සැලකිල්ලක්‌ දක්‌වනව. ඒත් සාමාන්‍ය නිළියක්‌ විදිහට ස්‌ලිම් ඇඟක්‌ තියාගන්න මට වුවමනාවක්‌ නෑ. මොකද මම මල්ගස්‌ වටේ නටන චරිත කරන්නෙ නෑනෙ.

• ශාරුක්‌ එක්‌ක රඟපාන්න ලැබුණු අවස්‌ථාව ප්‍රතික්‌ෂේප කළේ ඇයි…?

මෙහෙමයි. ඇත්තටම මට ඒකෙ කරන්න දෙයක්‌ තිබුණේ නෑ. ඒ නිසයි මම ඒක අත්හැරියෙ. චිත්‍රපටියකට නිළියක්‌ ආභරණයක්‌ තමයි. ඒත් නළුවෙක්‌ වීරයෙක්‌ කරන්න විතරක්‌ නිළියක්‌ යොදාගන්න එක වැරදියි.

• සල්මන් එක්‌ක සරාගී චරිතයක්‌ රඟපාන්න ලැබුණොත්…

මට ඒ චිත්‍රපටයෙ යමක්‌ කරන්න තියෙනව නම් මම ඒක භාරගන්න දෙපාරක්‌ හිතන්නෙ නෑ. ඒත් ඛාන් නළුවෙක්‌ රඟපානවයි කියල චිත්‍රපටයේ සැරසිල්ලක්‌ වෙන්න මම කැමති නෑ.

• සනී ලියෝන්ගේ රඟපෑම් ගැන ඔබ මොකද හිතන්නේ…?

ඒක මට අදාළ කාරණාවක්‌ නෙවෙයි. වෙනත් කෙනෙක්‌ගේ රංගනයක්‌ ගැන සහතිකයක්‌ දෙන්න මට පුළුවන්කමක්‌ නැහැ.

• ෆ්ලේ බෝයි සඟරාවේ නිරුවත් ජායාරූපයකට පෙනී සිටින්න කැමතිද…?

කොහොමටවත් නෑ. නිරුවත පෙන්වල ජනප්‍රිය වෙන්න තරම් මම පහත් කෙනෙක්‌ නෙවෙයි. අනික කොයි තරම් මුදලක්‌ දෙනව කීවත් මම නම් ඕවට නෑ.