FAST NEWS

24×7 Around the Globe

මෙරට ප්‍රථම වතාවට කොවිඩ් වැළඳීමෙන් මිය ගිය වෛද්‍යවරයා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට තුළ පලමු වතාවට කොරෝනා වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයකු කොළඹ ජාතික උණ රෝහලේ දී මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි.   

මට්ටක්කුලියේ පදිංචිව සිටි මෙම වෛද්‍යවරයා 69 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

දීර්ඝ කාලයක් රජයේ සේවයේ නියැලීමෙන් පසු කොම්පඤ්ඤවීදිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල ඒ මහතා පෞද්ගලික වෛද්‍ය රාජකාරියේ නිරතව සිට ඇත.

එම වෛද්‍යවරයා දීර්ඝ කාලයක් නිදන්ගත රෝග කිහිපයක් සඳහා ප්‍රතිකාරගෙන ඇති බවද සඳහන් වෙයි.