FAST NEWS

24×7 Around the Globe

බුරවි පැමිණීමෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපල 3 ක් වැසෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – දිවයිනෙන් ඉවතට ගිය බුරවි සුළි කුණාටුව දකුණු ඉන්දියාවේ සිට ලංවද්දී තමිල්නාඩුවේ සහ කේරළයේ ගුවන්තොටුපල 3 ක් ආරක්ෂාකාරි පියවරක් ලෙස තාවකාලිකව වසා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.  

ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ සුළි කුණාටුවත් සමඟ අද දිනයේ චෙන්නායි ඇතුළු තමිල්නාඩු දකුණු ඉන්දීය ප්‍රදේශයට සුළං ද සමග මහවැසි ඇද හැලෙනු ඇති බවයි.

මන්නාරම් බොක්කේ දී දුර්වල වූ බුරවී සුළි කුණාටුව යළි වර්ධනය වී අද පස්වරුවේ රාමනාදපුරම් සහ ටියුටිකොරීන් හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි.