FAST NEWS

24×7 Around the Globe

කොරෝනා එන්නතක් අනුමත කළ ලොව ප්‍රථම රට බවට බ්‍රිතාන්‍යය පත් වෙයි

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍යය) –  කොවිඩ් එන්නතට එරෙහිව ‘ෆයිසර් – බයෝ එන් ටෙක්’ සමාගම් එක්ව නිෂ්පාදනය කළ බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම එන්නත අනුමත කළ ලොව ප්‍රථම රට බවට බ්‍රිතාන්‍යය පත්ව ඇත.

එම එන්නත ජනතාවට ලබාදීමට ආරක්‍ෂිත බව එරට ඖෂධ නියාමන ආයතනය සඳහන් කරයි.

මේ අනුව , ඉහළ අවදානම් සහිත ජන කොටස් සඳහා එම එන්නත ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට හැකියාව තිබේ

මේ වනවිට එරට ජනගහනයෙන් මිලියන 20කට අවශ්‍යවන එන්නත් මාත්‍රා මිලියන 40ක් එක්සත් රාජධානිය විසින් ඇණවුම් කර තිබේ.