FAST NEWS

24×7 Around the Globe

මහින්ද යලිත් බරපතළ වංචා සහ දූෂණ කොමිසම හමුවට.

හෙට සහ අනිද්දා බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.

ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ගිවිස ගෙන තිබූ දැන්වීම්වලට වඩා රුපියල් කෝටි එකොළහකට වඩා වැඩි දැන්වීම් ප්‍රචාරය කරවාගෙන අදාළ මුදල් නොගෙවූයේයැයි කියන සිද්ධියට අදාළවයි.