FAST NEWS

24×7 Around the Globe

මෛත‍්‍රි,රනිල් සම්බන්ධය කඩනවා.වාසුදේව අභියෝග කරයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ අතර සම්බන්ධය බිද දැමීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ රුවන්වැල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ජනපති,අගමැති අතර සම්බන්ධය බිද දැමීම දේශපාලනික වශයෙන් වැදගත් කාරණාවක් ලෙස සලකන බව හෙතෙම පවසයි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවා ඇති ආණ්ඩුව ඉතා කෙටිකලකින් බිද වැටෙන බවත් වත්මන් ආණ්ඩුවේ කාලය වසරක් පමණක් බවත් ඔහු සදහන් කළේය.

ඉදිරි අයවැයේදී ආදායම් පවතින අයගෙන් බදු අයකරගෙන අඩු ආදායම්ලාභීන්ට සහන ලබාදීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් රජයට යෝජනා කරන බව නානායක්කාර මහතා සදහන් කළේය.