දේපළ සොරාගැනීමට නිවසට ඇතුළු වූ අවස්ථාවේ අදාළ නිවසේ කාන්තාව හදිසියේ නිවසට පැමිණීම හේතුවෙන් ඇය ඝාතනය කර ගෙල බැඳි රන් මාලය ද කොල්ල කෑ බව ප්‍රධාන සැකකරු පොලිසියට පවසා ඇත.
සැකකරු එම රන් මාලය හික්කඩුව ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර ඇති අතර අධිකරණ නියෝගයක් මත එම රන් මාලය යළි ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරවක පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.







