FAST NEWS

24×7 Around the Globe

මොරවක කාන්තාවගේ ගෙල කපා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.

මොරවක, පෝරුපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට තිබේ.
මොරවක පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

දේපළ සොරාගැනීමට නිවසට ඇතුළු වූ අවස්ථාවේ අදාළ නිවසේ කාන්තාව හදිසියේ නිවසට පැමිණීම හේතුවෙන් ඇය ඝාතනය කර ගෙල බැඳි රන් මාලය ද කොල්ල කෑ බව ප්‍රධාන සැකකරු පොලිසියට පවසා ඇත.

සැකකරු එම රන් මාලය හික්කඩුව ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර ඇති අතර අධිකරණ නියෝගයක් මත එම රන් මාලය යළි ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරවක පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.