FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයින් 174 දෙනෙකු රැගත් අධිවේගී මගී ප‍්‍රවාහන යාත‍්‍රාවක් අනතුරට.

පුද්ගලයින් 174 දෙනෙකු රැගත් අධිවේගී මගී ප‍්‍රවාහන යාත‍්‍රාවක් හොංකොං මුහුදු තීරයේදී අනතුරට ලක්ව තිබෙනවා.

ඒ, අදාළ යාත‍්‍රාව මැකා ඕ සිට හොංකොං බලා යාත‍්‍රා කරමින් තිබියදියි. අනතුරෙන් පුද්ගලයින් 124 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මුහුදේ තිබූ කිසියම් වස්තුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පැවසුවත් අනතුරට හේතුව ස්ථිර වශයෙන්ම මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

හොංකොං සහ මැකා ඕ අතර මුහුදු මාර්ගය ලෝකයේ කාර්ය බහුලම සහ ජනපි‍්‍රයතම මුහුදු මාර්ග අතරට අයත්. එහි ආරක්‍ෂාව උපරිම මට්ටමේ පැවතියද මීට පෙර අවස්ථා කිහිපයකදී මගී ප‍්‍රවාහන යාත‍්‍රා මෙවැනි අනතුරුවලට ලක් වූ බවයි බී බී සි ලෝක සේවය වාර්තා කළේ.