FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය නළු ජැක්සන් බරපතල වංචා සහ දූෂණ කොමිසමට.

ජනප්‍රිය නළු ජැක්සන් ඇන්තනී මහතා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට අද(26) කැඳවා ඇතැයි වාර්තා වේ.

මීට පෙර පැවති රජය සමයේදී හම්බන්තොට වරායේ සමාරම්භක උත්සවයට රුපියල් මිලියන 30ක් වැය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

හම්බන්තොට වරායේ සමාරම්භක උත්සවයේ ප්‍රසංග කටයුතු වෙනුවෙන් ජැක්සන් ඇන්තනී මහතාට අයත් ‘ක්‍රියේටිව් හෙලන්කා‘ ආයතනයට රුපියල් මිලියන 18ක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ජැක්සන් ඇන්තනී මහතා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට කැදවා ඇති බව එම ආරංචි මාර්ග පවසයි.