FAST NEWS

24×7 Around the Globe

යුවතියනි ප්‍රවේශමෙන්.සනීපාරක්‍ෂක තුවාවල ග්ලයිෆොසේට්.

පුළුන් ගුලි, බීජාණුහරණය කළ ගෝස් සහ සනීපාරක්‍ෂක තුවා ආදී නිෂ්පාදන තුළ ග්ලයිෆොසේට් රසායනිකය අඩංගු වන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

මොන්සැන්ටෝ සමාගමේ රවුන්ඞ් අප් පළිබෝධනාශකයේ ඇති ප‍්‍රධානතම සංඝටකය වන ග්ලයිෆොසේට් පිළිකාකාරක රසායනිකයක් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමාන කර තිබේ.

ආජන්ටිනාවේ ලා ප්ලාටා විශ්වවිද්‍යාලයේ සමාජ පාරිසරික අන්තර් ක‍්‍රියාකාරීත්ව අවකාශය නම් සංවිධානයට අයත් පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයට බඳුන් කළ පුළුන් ආශ‍්‍රිත භාණ්ඩ වලින් 85%ක ග්ලයිෆොසේට් ඇති බව හෙළිවී ඇත.

සාම්පලවලින් 62%ක ග්ලයිෆොසේට්හි පාරිසරික පරිවෘත්තජය වන AMPA ඇතැයි සොයාගෙන තිබේ.

ආජන්ටිනාවේ වෛද්‍ය මෙදාර්දෝ ඇවිලා වැස්ක්වෙස් පවසා ඇත්තේ තුවාල ආවරණය කිරීමට භාවිතා කරන පුළුන් හෝ ගෝස්වල මෙන්ම සනීපාරක්‍ෂක ද්‍රව්‍යවලද පිළිකාකාරකයක් ඇතැයි සිදුකළ මෙම සොයාගැනීම අතිශය බරපතල එකක් බවයි.

මේ වන විට ඇමරිකාවේ කපු වගාවෙන් 96%ක්ම ජාන වර්ධිත බීජ භාවිතයෙන් සිදුකෙරෙන අතර ඒවා ග්ලයිෆොසේට් සඳහා ඔරොත්තු දෙන ලෙස සකසා තිබේ.

මල් පිපෙන විට ගොවීන් විසින් ඉසිනු ලබන ග්ලයිෆොසේට් සෘජුවම පුළුන් තුළට එක්වන බව විද්‍යාඥයින්ගේ අදහසයි. රෝගාබාධවලට අමතරව මෙම රසායනිකය විසින් ස්වභාවික පරාගණ මාධ්‍යද විනාශ කර දමා ඇතැයි සැලකේ.

.