FAST NEWS

24×7 Around the Globe

ක්ෂණික නූඩ්ල්ස් කනවනම් මේ ටිකත් කියවලම යන්න…

ක්ෂණික නූඩ්ල්ස්වල මොනෝසෝඩියම් ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබේ.

අනුමත ප්‍රමාණයට වඩා ඉන්දියාවේ එම නූඩ්ල්ස්වල ඊයම් 07 ගුණයකින් තිබුණූ බව ඉන්දියා රජය සොයාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවද එම පරීක්ෂණ ඇරඹූ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

වෙළඳපොළෙන් ගත් විවිධ සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට හා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති අතර එම වාර්තා ලැබෙන තෙක් කිසිවක් කිව නොහැකි බව එම අධිකාරියේ සභාපති රුමී මර්ෂුක් මහතා පැවසී ය.

අනුමත ඊයම් ප්‍රමාණය මිලියනයකට කොටස් 0.11 සිට 2.5 දක්වා වන බවත් එම්.එස්.ජී ලෙසද හැඳින්වෙන මෙම රසකාරකයෙන් ඉරුවාරදය, ඔක්කාරය, ඇඟේ පළු මතුවීම පමණක් නොව හදවතටද හානි කළ හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලක, පරිපාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එච්.තිලකරත්න මහතා පෙන්වා දෙයි.