FAST NEWS

24×7 Around the Globe

තුර්කියේ භූකම්පනයෙන් 22කු මිය යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 22 නෙකු මිය ගොස් තවත් 700කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ  ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුතු විය.

මේ හේතුවෙන් තුර්කියේ පමණක් පුද්ගලයින් 786 තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

භූ කම්පනයේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ තුර්කියේ ඉස්මීර් නගරයටයි.

එහි ගෙඩනැගිලි 20 ක් කඩා වැටී තිබේ.

පසු කම්පන 196 ක් වාර්තා වී ඇති අතර ඉන් 23 ක්ම රික්ටර් පරිමාණයේ ඒකක හතරක මට්ටමේ පැවති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.