FAST NEWS

24×7 Around the Globe

ආනයනික මාළු, කරවල, ඇතුළු ද්‍රව්‍ය කීපයක බදු ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනයනික මාළු, කරවල, උම්බලකඩ සහ හාල්මැස්සන් යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබේ.   

ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ , වෙළඳපොළේ මාළු අලෙවිය අඩුවීමත් සමඟ ඒවා කරවල බවට පත්වීම නිසා දේශීය නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස බදු ඉහළ නැංවූ බවයි.

ඒ අනුව ආනයනය කරනු ලබන කරවල කිලෝවකට 127 ක් ද, උම්බලකඩ කිලෝවකට රුපියල් 302 ක් ද, හාල්මැස්සන් කිලෝවකට රුපියලයක් ද ලෙස මෙලෙස බදු ඉහළ නංවා ඇත.