FAST NEWS

24×7 Around the Globe

වත්තලින් කොවිඩ් ආසාදිතයින් 18ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ 4 ක පුද්ගලයන් 18 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළේ මෙම අසාදිතයන් අතරින් 9 දෙනකු මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩි‍්‍රක්ස් ආයනයේ සේවකයන් වන අතර ඉතුරු පිරිස ඔවුන්ගේ සමීප ආශ‍්‍රිතයන් බවයි.

මෙසේ කෙරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ වත්තල ප‍්‍රදේශයේ හැඳල, කෙරවලපිටිය, බලගල, හේකිත්ත සහ වැලිසර කොට්ඨාසවලිනි.

මේ අතර කෙරවළපිටිය ප‍්‍රදේශයේ නිවාස අටක සාමාජිකයක් 52 පිරිසක් තම නිවෙස්වලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළාය.