ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කොදෙව් ඉනිම ලකුණු 163ට මීට ටික වේලාවකට පෙර සීමා විය.
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 200ට පිළිතුරු ලෙස ඔවුන් මෙම ලකුණු සංඛ්‍යාව ලබාගන්නා ලදී.එහිදී පන්දුවෙන් දස්කම් පෑ ධම්මික ප්‍රසාද් ලකුණු 34ට කඩුලු 4ක් හා දිල්රුවන් පෙරේරා ලකුණු 28ට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.
ඒ අනූව ශ්‍රී ලංකාව කොදෙව්වන්ට වඩා ලකුණු 37ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කිරීමට නියමිතය.
++++++++++++++++++++++++++++++++++(update)
දිවා අාහාරය – කොදෙව්වො තවත් ලකුණු 123ක් පසුපසින්.
කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් තරඟාවලියේ දෙවන ටෙස්ට් ක්‍රීකට් තරඟයේ දෙවන දිනය අදයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 200ට පිළිතුරු ලෙස දෙවන දිනයේ දිවා අහාරයට තරගය අත්හිටුනව විට කොදෙව් පිළ සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 4ට ලකුණු 77ක්ලබා සිටිති.
ලකණු පුවරුව පහතින්.







