FAST NEWS

24×7 Around the Globe

කොළඹ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකටත් කොරෝනා අවදානම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු වාර්තාවී තිබේ.

නිවාස සංකීර්ණයේ එක කුලුනක 27 වැනි මහලේ නිවසක කාන්තාව සහ එම පවුලේ රියැදුරාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව PCR පරීක්‍ෂණ වලදී තහවුරු වී ඇත.

මෙම ආසාදිතයන් දෙදෙනා මේ වන විට හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

නිවෙස් හිමි ව්‍යාපාරිකයා හා පුතුද ​රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් ඊයේ (12 ) PCR පරීක්ෂණයට ලක්කෙරුණි එහි වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතය.

අදාළ ආසාදිත රියැදුරා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් නිවසේ හිමිකරු කර්මාන්ත ශාලා හිමියකු බවත් කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.