FAST NEWS

24×7 Around the Globe

හොරණින් වාර්තා වූ කුඩා කොරෝනා පොකුර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හොරණ කඳන් හේන ප්‍රදේශයේ පදිංචි පවුලක පියාට,බිළින්දාට,මිත්තනියට සහ බිරිඳගේ යෙහෙළියකට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවෙයි.

මෙම පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිලධාරීවරයෙකි.

ඔහුගේ අවුරුදු දෙකක් වයසැති දරුවාට, මවට හා බිරිඳගේ යෙහෙලියකට ද කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති බව PCR පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කරයි.

බිරිඳගේ යෙහෙළිය ද හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවේ හෙදියක් බවද ඇය යාල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද අනාවරනය වී ඇත.

පසුගිය මස 30 වැනි දින බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන එම නිළධාරිවරයා නිවසට පැමිණීමෙන් අනතුරුව 3 වෙනි දින ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊට දින තුනකට පසු 6 වෙනි දින ඔහුට කොරෝනා වසන්ගතය ආසාදිත වී ඇති බවට PCR පරීක්ෂණයෙන් තහවුරු විය.

මේ තත්ත්වයත් සමග එදින සිට හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය විසින් පියවර ගත්තේය.

බ්‍රැන්ඩික්ස් නිලධාරීවරයාගේ සමීපතමයන්ට සිදුකළ PCR පරීක්ෂණ වලින් අනතුරුව මේ බව අනාවරණය වූ බවත් මේ වන විට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වසංගත රෝගීන් සිව්දෙනෙකු හා මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයන් එක් රෝගියෙක්ද වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.