FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන අයට අලුත් නීතියක්

(ෆාස්ට් නිව්ස් | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි පුද්ගලයන්ට සිය සහකරුවන් රටට ගෙන්වා ගැනීමේදී ඉංග්‍රීසී භාෂා පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්ය කර තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.   

පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ලබන වසරේ මැද භාගයේ සිට එය ක්‍රියාත්මක වනු ඇති බව ද එහි සඳහන්.

සිය රටට බාහිරින් පැමිණෙන ඇතැම් පුද්ගලයන් ඉංග්‍රීසී භාෂාව නිසි ලෙස හැසිරවීමට අපොහොසත් වීම හමුවේ මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගෙන
ඔස්ට්‍රේලියාවේ මෙම තීරණය ගෙන ඇත.

එරට ජනගහණයෙන් 35 % ක් පමණ නිවසේදී භාවිත කරනුයේ ඉංග්‍රීසි නොවන දෙවන භාෂාවක් බවට අනාවරණ වී තිබෙනවා.