(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවුලපිටිය ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්රිත කොරෝනා පොකුරේ ආසාදිතයන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් රෝහල සංඛ්‍යාවක් නොමැති බව වාර්තාවේ.
මේ නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැටලුවක් වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එහි ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරන්නේ මෙම ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක තොරතුරු මේ වන විට හෙළි වෙමින් පවතින බවයි.
ඔවුන් හඳුනා ගැනීම ඉතා අපහසු කාර්යයක් බව ද ඔහු සඳහන් කළේ ය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්වරයා මේ බව කියා පැවසීය.









