(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තාවේ.
ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසුවේ එම වෛද්‍යවරයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බවයි.
මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් එම සේවිකාවන්ට ප්‍රතිකාර ලබා දී ඇති බව අනාවරණය වී ඇත.
ආසාදිත වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහල් වෙත යැවීමට පියවර ගත් බව ද ඉලේපෙරුම මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අද කොළඹ පවතී මාධ්‍ය හමුවේදී හමුදාපතිවරයා පැවසුවේ එම වෛද්‍යවරයාගේ තොරතුරු හෙළි නොකරන බවයි.









