FAST NEWS

24×7 Around the Globe

කිර්ගිස්ථාන අගමැති ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කිර්ගිස්ථාන) – කිර්ගිස්ථාන අග්‍රාමාත්‍ය කුබාට් බෙක් බොරොනෝප් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.   

පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව විරෝධතා උත්සන්න වීම හේතුවෙන් තමා ඉල්ලා අස් වන බව අග්‍රාමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

කිර්ගිස්ථානයේ පාර්ලිමේන්තු මැතිවරණය දූෂිත බව පවසමින් විපක්ෂ විරෝධතා කරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිමින් කලහකාරී ලෙස කටයුතු කර ඇත.

විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් උත්සන්න වීමත් සමග 600 කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

පසුගිය ඉරිදා පැවැත්වූ මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් විරෝධතා ආරම්භ විය.