(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – රාගම රෝහලේ කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක සහිතව ප්‍රථිකාර ලබමින් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රෝහලෙන් පැන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
එම පුද්ගලයාගේ ඡායාරූපයක් මීට සුළු මොහොතකට පෙර මාධ්‍යට නිකුත් කළේය.
කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කරුණු සැඟවීමට උත්සහකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය සහ නිරෝධායන නීති යටතේ නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.










