(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවුලපිටිය ඇඟළුම් කම්හල ආශි‍්‍රත කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 832 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සියළුආසාදිතයින් එම ඇඟළුම් කම්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වේ.
මෙලෙස දිවුලපිටියේ පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි සොයා ආරක්ෂක අංශ තවදුරටත් විමර්ශන සිදුකරයි.
මෙහිදී පසුගිය 25 සහ 26 යන දිනවල එම ආයතනයේ සාමාජිකයින් සහභාගි වූ සාද දෙකක් සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇත.
පසුගිය 25 වනදා කටුනායක එයාර් පෝට් ගාර්ඞ්න් හෝටලයේ එක් සාදයක් පවත්වා ඇති අතර එම සාදයකට මෙම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 39 දෙනෙකු සහභාගි වී තිබේ.
ඉන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව මේ වනවිට තහවුරු කර ගෙන ඇත.
මෙම හෝටලයට ගුවන් සේවාවල සේවය කරන පිරිස් නිරෝධානයනය සදහා පැමිණ තිබේ.
ඒ අනුව මෙම හෝටලයේ පැවති සාදයට සහභාගි වූ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු හරහා වෛරසය ව්‍යාප්ත වූවා දැයි සැකයක් මතුව ඇත.
එසේම පසුගිය 26 වනදා අදාළ කර්මාන්ත ශාලාව තුළම තවත් සාදයක් පවත්වා ඇති අතර ඊට ජනප්‍රිය සංගීත කණ්ඩායමක්ද සහභාගි වී තිබේ.
එම සංගීත කණ්ඩායමේ සාමාජිකයින් 13 දෙනෙකු කර්මාන්ත ශාලාව තුළට පැමිණ ඇති අතර ඔවුන් හරහා වෛරසය ව්‍යාප්ත වූවාද යන්න මතුව ඇති තවත් සැකයක් පවතින බව වාර්තා වේ.









