FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට වියදම් අඩු ක්‍රමයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වියදම් අඩු නව ක්‍රමවේදයක් හඳුනා ගෙන තිබේ.

ඒ ඉන්දීය විද්‍යාඥයින් පිරිසක් විසිනි.

එහිදී කඩදාසි තීරුවක් භාවිත කරයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ කාන්තාවන්ගේ ගර්භනී බව තහවුරු කර ගැනීමට සිදුකරන පරීක්ෂණය හා සමාන බවයි.

විද්‍යාඥයින් පවසන්නේ මෙම නව වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල පැයකට අඩු කාලයකදී ලබාගත හැකි බවයි.

ඒ සඳහා වැයවන්නේ ඉන්දීය රුපියල් 500කට වඩා අඩු මුදලක් බවත් මාධ්‍ය වාර්තා වල දැක්වේ.