තුර්කියේ මාධ්‍ය නිදහස කෙමෙන් කෙමෙන් අහිමිවී යන බව එරට මාධ්‍යවේදීන් ප්‍රකාශ කරනවා.තුර්කියේ මාධ්‍ය සංවිධාන 8ක් මේ වනවිට මාධ්‍යවේදීන්ට පවත්නා නිදහස අහිමිවීම සම්බන්ධයෙන් අරගලයකට එක්ව සිටිනවා.
නොවැම්බර් පළවෙනිදා පැවැත්වීමට නියමිත එරට පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මාධ්‍ය සංවිධාන 8ක් එකතුවී මාධ්‍ය නිදහස ලබාදෙන ලෙස එරට රජයෙන් ඉල්ලීම්කර තිබෙනවා.තුර්කි මාධ්‍යවේදීන්ට දේශපාලන තර්ජන එල්ලවී ඇති අතර ඒ හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක්ද පැනනැගී ඇති බවයි මාධ්‍ය වේදීන් පවසන්නේ.
මේ වනවිට ඉරාකයේ කුර්දි මාධ්‍යවේදියෙකු වන මොහොමඩ් රාසූල් සති 8ක් සිර දඬුවමකට ලක්කර ඇති බවයි එරට මාධ්‍යවේදීන් පවසන්නේ.








