FAST NEWS

24×7 Around the Globe

ටෙලිකොම් ඇතුළු ආයතන කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගිය අගෝස්තු 09 වැනිදා නිකුත් කෙරුණු ගැසට් පත්‍රයෙන්, අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින මූලිකත්ව වැඩසටහන යටතට පත් කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

ඒ සියල්ල සැප්තැම්බර් 25 වැනි දින ගැසට් පත්‍රයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරනු ලැබ ඇති බව වාර්තාවේ.

එසේ ජාතික වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගැනෙන ආයතන මෙසේය.

1. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සහ ඊට සබැඳි ආයතන.

2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.

3. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය.

4. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ඊට බැඳුණ ආයතන සහ සියලු තොරතුරු තාක්ෂණික උද්‍යාන