FAST NEWS

24×7 Around the Globe

සමඟි ජන බල වේගයේ රැස්වීමකට ගල් ප්‍රහාරයක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ රැස්වීමකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව ආරම්භ කොට මිනිත්තුවක් ගත වෙද්දී කිසියම් පිරිසක් සැලසුම් සහගතව ගල් ප්‍රහාර එල්ල කර ඇත.

ඒ සමගින් විපක්ෂනායකවරයාගේ ආරක්ෂකයන් වහාම සජිත් ප්‍රේමදාස මහතා වට කොට ආරක්ෂාව සපයා තිබේ.

නමුත් ඔහු සිය කතාව දිගටම සිදුකර ඇත.

එහිදී ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ, ‘බයවෙන්න එපා. මේ ගල් ගැහුවට මම රැස්වීම නතර කරන්නේ නෑ. මේ ගල් ගසන අය පිටිපස්සේ ඉන්න පුද්ගලයන් ගැන මම දන්නවා මදාවියන්ට බයේ මම යන්නේ නෑ’ බවයි.

https://www.facebook.com/sajithpremadasa/posts/10157769816300186